මෙම අපූරු ආරංචිය ලැබුනේ නිව්යෝර්ක් නුවර පළවන ඩේලි නිවුස් පුවත්පතේ තිබුණු තොරතුරකිනි. එහි දැක්වෙන්නේ පැරිස් නුවර වූ සිද්ධියකි. එනම් සොරකමක ගොස් කිස් එකක් නිසා හිරේ වැටුණු පුද්ගලයෙකු ගැනයි. එය පුද්ගලයෙකුගේ වැරැද්දක් මෙන්ම මෝඩකමක් ගැන ද නූතන තාක්ෂණයේ මහිමය ගැන ද කියන පුවතක් ද වෙයි. 
                කිසියම් පුද්ගලයකු දිනක් තම සහායකයකු ද සමග සොරකමේ ගොස් ඇත. ඔහු එක්තරා රන් භාණ්ඩ අලෙවි කරන ආයතනයක් හිමි කාන්තාවක තනිව සිටින නිවසට හොරෙන් ඇතුළු වී ඇයව බිය කර පුටුවකට තබා ලණුවලින් බැඳ ශරීරයට තෙල් වත් කර ඇත. ඇයව ගිනි තබා පුළුස්සන බවට තර්ජනය කර ඇගෙන් රන් භාණ්ඩ වෙළද ආයතනයේ රහස් සංකේත හා තොරතුරු හෙළි කර ගත්හ. ඉන්පසු සොරු දෙදෙනාගෙන් එක් අයෙක් ගොස් එහි තිබුණු වටිනා රන් භාණ්ඩ සොරාගෙන ඇත. අනෙකා එතෙක් ඇයව මුර කර සිට ඇත. 
                මෙසේ භාණ්ඩ සොරා ගත් පසු නිවසේ සිටි සොරා පලා යාමට පෙර අසරණව හා බියපත්ව සිටි කාන්තාවට හාදුවක් ද දී ඇත. සොරාගේ වයස අවු 20 බව ද එම කාන්තාවගේ වයස අවු 56 බව ද වාර්තා වේ.     ඇතැම් විට එම වයස්ගත කාන්තාව බියට පත්කර අසරණ කර භාණ්ඩ සොරා ගැනීමට සිදුවීම ගැන ඔහුට කම්පාවක් ඇති වී මෙසේ කළා විය හැකිය. ඔව්හු රන් භාණ්ඩ ද සොරාගෙන කිසිම බාධාවකින් තොරව නිවසින් පලා ගියහ
            පසුව අසල්වැසියන්ගේ උදව් ඇතිව එම කාන්තාව බේරා ගන්නා ලදී. ඉන්පසු පළාතේ පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වුවත් සොරාගෙන හෝඩුවාවක් සොයා ගැනීම දුෂ්කර විය.
            සොරා පළා යද්දී තමාට හාදුවක් ද දී ගිය මෙම අවස්ථාවේදී ඇය පොලීසියටකීවා ය. පොලිසියට මෙම තොරතුර ඉතා වැදගත් විය. අදාල විශේෂඥයින් කැඳවා ඇයගේ මුහුණ සියුම් ලෙස පරික්ෂා කරන ලදී. සොරා විසින් සිප ගන්නා ලද ස්ථානය මැනවින් පරීක්ෂා කළ ඔවුහු වැදගත් සාක්ෂියක් සොයා ගත්හ. එනම් ඇගේ මුහුණ මත තැන්පත්ව තිබූ සොරාගේ DNA කොටසකි.

            එම DNA පදනම් කරගෙන සොරා කවරෙක්දැයි සෙවීමට පොලිසිය උත්සාහ කළේය විය. එහි ඵලයක් වශයෙන් කිස් එකක් දුන් සොරා ඇතුළු සොරු දෙදෙනාම ඉතා ඉක්මනින් පොලිස් අත්අඩංගුවට පත් වූහ. එම කාන්තාව බෙහෙවින් බියට පත්ව සිටි නිසා ඇගේ බිය අඩු කිරීමට තමා ඒ අවස්ථාවේ ඇයට හාදුවක් දුන් බව සොරා පොලිසියට පවසා ඇත.

            DNA පරීක්ෂාව තුළින් නොයෙක් මානව වැඩ කටයුතු වල සැබෑ ස්වභාවය සොයා බැලීම නූතන දියුණුවත් සමග විශාල වශයෙන් පහසු වී තිබේ.  විශේෂයෙන් අපරාධ සිදු කරන්නන් නීතියේ රැහැනට අසුකර ගැනීමට DNA පරීක්ෂාව මගින් ලැබෙන්නේ විශාල උපකාරයකි
කිස් එක වැරදිලා හිරේ ගිහින්...
HOME